ශරීර දුර්ගන්ධය

ශරීර දුර්ගන්ධය පොදු ප්‍රශ්නයකි. මේ සඳහා ඔබ විසින්ම ඔබට ප්‍රතිකාර කර ගත හැක.

මේ සඳහා කොහොමද ඔබ විසින්ම ප්‍රතිකාර කර ගන්නේ ?

කළ යුතු දේ

  • ඔබගේ කිහිලි, ඉකිලි සහ පාද අඩු තරමින් දිනකට දෙවරක් වත් සබන් යොදා සෝදා හොදින් වියලා ගන්න.
  • ඔබගේ කිහිල්ල යට ඇති රෝම නිතර කපා ඉවත් කරන්න.
  • ඩියෝඩොරන්ට් (Deodorant ගන්ධය නැති කරයි) සහ ඇන්ටිපර්ස්පිරන්ට්ස් (antiperspirant - දහදඩිය දැමීම නැති කරයි) පාවිච්චි කරන්න.
  • ඔබගේ ඇඳුම් නිතර මාරු කරන්න සහ සෝදන්න.
  • කපු, ලෝම සහ සේද වැනි ස්වභාවික රෙදි වලින් නිමවූ ඇදුම් පාවිච්චි කරන්න.
  • ප්‍රති බැක්ටීරියා (antibacterial) මේස් පළදින්න

නොකළ යුතු දේ

  • ඉතාමත් සැර සුවඳවල් සහිත ආහාර හෝ කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • කෝපි හෝ ඇල්කොහොල් වර්ග වැඩියෙන් භාවිතා කිරීමෙන් වලකින්න..
    ඖෂධවේදියෙකු ගෙන් ඔබට පහත සඳහන් දේවල් දැන ගත හැක.
  • වඩා ශක්තිමත් ඇන්ටිපර්ස්පිරන්ට්ස් (stronger antiperspirants)
  • ඔබගේ ඇඳුම් ආරක්ෂා කර ගැනීම සඳහා කිහිලි වලට හෝ අනෙකුත් ශරීරයේ දහඩිය දමන තැන් වලට ස්වෙට් ශීල්ඩ්ස් (sweats shields ) පාවිච්චි කල හැක.
  • දහඩිය සහිත පාද සඳහා භාවිතා කරන පියරු වර්ග
  • ඔබගේ මෘදු සම සඳහා සබන් වලට ආදේශක

හදිසි නොවන උපදෙස්: ශරීර දුර්ගන්ධය සඳහා ඔබ, ඔබ විසින් ප්‍රතිකාර කලද එය සුව අතට පත් නොවුයේ නම් සහ පහත සඳහන් දේවල් ඇත්නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

  • එය ඔබගේ ආත්ම අභිමානයට බලපෑම් ඇති කරන්නේ නම්
  • සාමාන්‍ය ගන්ධයට වඩා වෙනසක් ඔබට දැනුනේ නම්
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබට දහඩිය දැමීම හදිසියේ වැඩි වුනි නම්
ඔබගේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර

ඔබට තදබල ලෙස දහඩිය දැමීම සහ ශරීර දුර්ගන්ධය පවතී නම්, ඔබගේ වෛද්‍යවරයා ඔබට පහත දේවල් යෝජනා කල හැක.

  • ශක්තිමත් ඇන්ටිපර්ස්පිරන්ට් (strong antiperspirant) වර්ගයක් නියම කිරීම,
  • දහදඩිය දැමීම අඩු කිරීම සඳහා ඔබගේ කිහිලි වලට එන්නතක් ලබා දීම
  • දහඩිය ග්‍රන්ථි ඉවත් කිරීම සඳහා සැත්කමක් කිරීම.
    ශරීර දුර්ගන්ධයට හේතු

ශරීර දුර්ගන්ධය නරක අතට හැරිය හැකි දේවල් පහත දැක්වේ.

  • ව්‍යායාම
  • උණුසුම් කාලගුණය
  • හෝර්මෝන වල වෙනස්වීම්
  • බර වැඩි වීම
  • දියවැඩියාව, වකුගඩු රෝග සහ අක්මා රෝග වැනි තත්ත්ව ඇත්නම්
  • විශාධනාශක (antidepressants) වැනි ඇතැම් ඖෂධ වර්ග

අධික ලෙස දහඩිය දැමීම සහ දුගඳ හමන පාද ,ශරීර දුර්ගන්ධය සමග සම්බන්ධ විය හැක.

මුල් ප්‍රභවය